
ගසක් නොහැර සුපිපුණු මල් සුවඳ අස අසා ගනඳුරු
රැසක් විලස රොද බැඳ යන බමර මුලා නදේ
දෙසක් අතර නොව මුලා ලොව පැතිර පවතිනා මනහර
වෙසක් මහේ පසු පොහෝ දින අදය සිරිසරා
වෙතින් සැම වෙතේ බුදුතුරු දහම් සපුරමින් වෙසසර
කෙමෙන් සැරිසරා වෙසතුරු බවට සපැමිණේ
එයින් සැම ගොසින් තුසි පුර ඉපිද දිවසිරී විද විද
සුරන් යැදුම සේ විස් මහ බැලුම් බල බලා
ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි,
ස්වාමිනි බුදුරජාණන් වහන්ස, යමෙක් ඔබ
වහන්සේගේ ධර්මයට කීකරු වෙත්ද ඒ සියලු දෙනා නිවුණු සැනසුණු සිත් ඇත්තෝ
වෙත්මය.
කෙලෙස් ගින්නෙන් ඇවිලුණු ලෝ සතුන්ගේ
දුක්ගිනි නිවාලමින් ඔබ වහන්සේගේ ධර්මකායෙන් විහිදුණු රශ්මි
කදම්බය බොහෝ කල් ලෝ පුරා විහිදේවා.
mivitha,